ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ජර්මනියේ බර්ලින් නුවර වෙත හෙට පිටත්ව යාමට නියමිතයි .

ජනාධිපතිවරයා මෙම සංචාරයේදී බර්ලින් ගෝලීය සංවාදය සඳහා සහභාගී වීමට නියමිතව තිබෙනවා.

ඔහු විසින් එහි පළමු දින සංවාද සැසියේ ආරම්භක දේශනය සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

බර්ලින් ගෝලීය සංවාදය යනු වර්තමාන භූ දේශපාලනික සහ ආර්ථික අභියෝගවලට ගෝලීය වශයෙන් විසඳුම් සෙවීම සඳහා වූ ඉහළ පෙලේ සැසියක් වනවා.

ජර්මන් සංචාරයෙන් අනතුරුව ජනාධිපතිවරයා ලබන 30 නැවත දිවයිනට පැමිණීමට නියමිතයි.

ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පෙරවරුවේ දිවයිනට පැමිණියා .

WhatsApp Group

Skip to content