ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වැනි සමාලෝචනය දිවයිනට පැමිණ සිටින අයි.එම්.එෆ් කණ්ඩායමේ සංචාරය නිමවීමෙන් පසුවූ ප්‍රකාශයට පත්කරන බව එහි ප්‍රකාශිකා ජුලී කොසැක් පවසනවා.

ජනාධිපතිවරයා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවැනි දිනටත් ඊයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙම දෙවැනි සාකච්ඡාවේදී අයි.එම්.එෆ් වැඩසටහනේ ඉලක්ක සපුරා ගන්නා අතරම ජනතාව මත පැටවෙන පීඩනය ඉවත් කෙරෙන විකල්ප මාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබෙනවා.

ඒ සඳහා අවශ්‍ය යහපත් හා සුහදශීලි වටපිටාවක් දෙපාර්ශ්වය අතර මෙම සාකච්ඡාවලදී මනාව ගොඩනැගුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content