තමාට ගෙදර ඉන්න කියන ජනාධිපති අනුර කුමාර දිසානායකටත් බහුතරය නැති හෙයින් තමාගේ සහ අනුරගේ තිබෙන වෙනස කුමක්දැයි හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අදමීගමුවේ පැවැති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජන රැළියක් අමතමින්.

එහිදී ඔහු කියා යේ පැරදුනා නම් ගෙදරට වෙලා ඉන්නැයි ජනාධිපති අනුර තමාට කියා තිබෙන බවයි.

බහුතරයක් දෙනා තමාට ඡන්දය දුන්නේ නැතැයි කියන කාරණය තමා පිළිගන්නා බව රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියා.

එමෙන්ම බොහෝ දෙනා පවසන්නේ අනුර කුමාර දිසානායක මාස තුනයි බලයේ සිටිනේ බව නමුත් එතුමා ජනාධිපති ලෙස ගමනක් යා යුතු බව ඔහු කියා සිටියා.

WhatsApp Group

Skip to content