ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් හි මෙටා සමාගමේ ගෝලීය සම්බන්ධතා අංශයේ සභාපතිවරයා වන ශ්‍රීමත් නික් ක්ලෙග් මහතා හමුවී තිබෙනවා.

එම හමුව ඊයේ පස්වරුවේ පැවති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් අන්තර්ජාලය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වෛරී සහ අසත්‍ය ප්‍රචාර මැඩපැවැත්වීම සඳහා ගෙන ඇති නව ක්‍රියාමාර්ග පිළිබඳවද මෙරට ජනාධිපතිවරයා පැහැදිලි කරනු ලැබුවා.

එමෙන්ම කෘත්‍රීම බුද්ධි තාක්ෂණ අංශයේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ සැලසුම් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී දීර්ඝ ලෙස කරුණු පහදා තිබෙනවා

WhatsApp Group

Skip to content