ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ යුරෝපා කවුන්සිලයේ සභාපති චාර්ල්ස් මිචෙල් මහතා  අතර හමුවක් බර්ලින් නුවරදී සිදුව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදී අදහස් පලකළ බවයි.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉයේ ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස් මහතා ද හමුවී තිබුණා.

ජනාධිපතිවරයාගේ ජර්මානු නිල සංචාරය අතරතුරදියි මෙම හමුව සිදුව ඇත්තේ.

ජර්මානු චාන්සලර්වරයා විසින් මෙහෙයවන ලද නායකයින්ගේ සංවාද සැසියකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ව තිබෙනවා.

බහු ධ්‍රැව ලෝකයක සහයෝගිතාව වැඩි දියුණු කිරීම මැයෙන් මෙම සංචාද සැසිය පැවැත්වුණා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ කසක්ස්තාන ජනාධිපති අතර හමුවක් ද ඊයේ සිදුව තිබුණා.

මේ අතර ජත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය ලබා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක මහතා ඊයේ මාධ්‍යට අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/09/THISSA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content