ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු – නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර හමුවක්, හෙට පැවැත්වීමට නියමිතයි.
දෙමළ ජාතික සන්ධානයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ, හෙට පස්වරු 3 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී , අදාළ සාකච්ජාව පැවැත්වෙන බවයි.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට පෙර එම හමුව යොදාගෙන තිබෙනවා .

එහිදී බලය බෙදීම ,ඉඩම් නිදහස් කිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇතැයි, ඔහු සඳහන් කලා .
මීට පෙර ද ජනාධිපතිවරයා සහ දෙමළ මන්ත්‍රීවරුන් අතර සාකච්ජා වට කිහිපයක් පවත්වනු ලැබුවා .

උතුරේ පවතින ගැටලු සම්බන්ධයෙන් මෙහිදි අවධානය යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

එම පක්ෂය වැඩිදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයා සමග මීට පෙර පැවති සාකච්ඡාවලදී සිය ගැටලුවලට මෙම මස අවසන් වීමට පෙර විසදුම් ලබා දෙන බවට ප්‍රකාශ කළ ද මෙතෙක් ඒ සම්බන්ධයෙන් විසදුමක් නොලැබුණු බවයි.

ඒ පිළිබදව සලකා බලා ජනාධිපතිවරයාගේ ප්‍රතිචාර පිළිබද වාර්තාවක් ඉන්දීය රජයට යොමු කරන බවටද තමිල් අරසු පක්ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

WhatsApp Group

Skip to content