ඉන්දුනීසියාවේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දුනීසියානු ජනරජයේ සමුද්‍රීය කටයුතු සහ ආයෝජන පිළිබඳ සම්බන්ධීකරණ අමාත්‍ය ලුහුත් බින්සාර් පන්ඩ්ජායිටන් (Luhut Binsar Pandjaitan) මහතා අතර හමුවක් ඊයේ (19) කුරා කුරා බාලි දූපතේ (Kura Kura Bali island) පිහිටි “United In Diversity” හි බාලි මණ්ඩපයේ දී පැවැත්විණි.

ගෝලීය මිශ්‍ර මූල්‍ය සන්ධානය (Global Blended Finance Alliance), ශ්‍රී ලංකාවේ නිවර්තන කලාපීය මුලපිරීම (Tropical Belt Initiative), නීල ආර්ථිකය (Blue Economy) මෙන්ම මුහුදු පැලෑටි කර්මාන්තය පිළිබඳව මෙහි දී දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් කෙරිණි.

එමෙන්ම ගෝලීය දකුණේ රටවල් අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කෙරුණු අතර කඩොලාන වගා කිරීම පිළිබඳ පර්යේෂණ කටයුතු වෙනුවෙන් සහයෝගීතා වැඩපිළිවෙළක් ඇති කර ගැනීම පිළිබඳව සොයා බැලීම කෙරෙහි ද අවධානය යොමු විය.

මෙම කටයුතු සම්බන්ධීකරණය වෙනුවෙන් ද්විපාර්ශ්වික කාර්ය සාධක බලකායක් පිහිටුවීම සහ ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) වත්මන් සභාපතිවරයා ලෙස ඒ සඳහා ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳ ද සාකච්ඡා විය

WhatsApp Group

Skip to content