ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් තිස් අට දෙනාගෙන්, රැස්වීම් සංවිධාන කර ඇත්තේ අපේක්ෂකයන් පහළොස් දෙනෙකු පමණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ හා මැතිවරණ අධ්‍යයන ආයතනය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා ප්‍රකාශ කළේ අපේක්ෂකයන් තිදෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති බවයි.

එමෙන්ම මෙවර ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ගේ ඡන්ද ලකුණ මේ වනවිට ගැසට් මගින් ප්‍රකාශයට පත් කර තිබෙන බවයි ඒ මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content