දේශගුණික විපර්යාස සදහා අරමුදල් සැපයීම වෙනුවෙන් බද්ධක් අය කිරීමට ශ්‍රී ලංකාව යෝජනා කර තිබෙනවා.

ලෝක ජල සමු`ඵවේ ඉහළ පෙළේ සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ගෝලීය බදු පැහැර හැරීම ආශ්‍රිත වත්කම්වලින් ඩොලර් ටි්‍රලියන 1.4 ක ලාභයක් හිමිවන බවයි.

ඒ අනුව එම ලාභයෙන් සියයට 10 ක බද්දක් දේශගුණික විපර්්‍යාස වෙනුවෙන් අරමුදල් ලෙස යෙදවීමට ජනාධිපතිවරයා සමු`ඵවේදී යෝජනා කර තිබෙනවා.

ගෝලීය යුද වාතාවරණ තත්ත්වයන් තුළ අරමුදල් රැස් කිරීමට ගෝලීය රටවල් එක් වුවද දේශගුණික විපර්යාස සදහා මෙතෙක් එම තත්ත්වයක් උදා වී නොමැති බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේ.

WhatsApp Group

Skip to content