ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තාවනවා.
හෙට දිනයේදී මාර්ගගත ක්‍රමය ඔස්සේ එය පැවැත්වෙනු ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ.

ඔවුන් දෙදෙනා අතර හමුවක් හෙට අනුරාධපුරයේ සිදු කිරීමට මීට පෙර සැලසුම් කර තිබූනා.
නමුත් නොවැළැක්විය හැකි හේතුවක් මත ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට මෙරටට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් එම සාකච්ජ්හ්චාව මෙලෙස මාර්ගගත ක්‍රමය ඔස්සේ පවත්වන් බව සඳහන්.
ඉදිරි දේශපාලන පියවර මෙන්ම ඉන්දිය නිදහස් දින සැමරුම උත්සවය පිළිබඳ එහිදී වැඩිදුර සාකච්ඡා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content