ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේදී මහනුවරට පැමිණි ජනාධිපතිවරයා ප්‍රථමයෙන් මල්වතු මහා විහාරය වෙත පැමිණ මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නායක හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෙහිදි ජනාධිපතිවරයා සහ මහානාහිමියන් අතර සුහද කතාබහක් ද ඇතිව තිබෙනවා.

ඉන් අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරාකාගොඩ ශ්‍රී ඥාණරතන නායක ස්වාමීන්වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content