ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දෙදින නිල සංචාරයක් සඳහා ජුලි 21 වනදා ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා කිරීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම සංචාරය තුළ දී ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සංචාරයේ නිරත වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්.

මේ අතර ඉන්දීය විදේශ ලේකම් විනේ මොහාන් ක්වාත්‍රා මෙම සතියේදී මෙරට සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම සඳහායි.

WhatsApp Group

Skip to content