දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම නිල සංචාරයට එක්වන්නේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම සංචාරයේදි ඉන්දිය ජනාධිපති ශ්‍රිමතී ද්‍රෞපදි මුමර් මහත්මිය හමුවීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුම් පහකට ද ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේදි අත්සන් තැබීමට නියමිතයි.

 

 

WhatsApp Group

Skip to content