ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහනුවර ඓතිහාසික දළදා මාළිගාවට පැමිණ ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

ජනාධිපතිවරණයට නාමයෝජනා භාර දීමෙන් පසුව දළදා මාලිගාවට පැමිණි ජනාධිපතිවරයාව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබුවා.

දළදා සමිදුන් වැදපුදා ගැනීමේ පසුව රනිල් වික්‍රමසිංහ මහතා දළදා මාලිගාවට පැමිණ සිටි බැතිමතුන් සමග සුහද කතා බහකද නිරත වුණා.

අනතුරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content