ඇමරිකා එක්සත් ජනපදයේ 47 වන විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඒ සිය නිල එක්ස් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින්.

දෙරටේ ජනතාවට වැදගත් වන පොදු අරමුණු සාක්ෂාත් කර ගැනීම සදහා මැදිහත්ව කටයුතු කිරීම තම අපේක්ෂාව බව ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දී තිබෙනවා.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට හිටපු විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ද සුබ පැතුම් එක්කර තිබුණා.

WhatsApp Group

Skip to content