ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වන බවත්, එහිදී නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

මේ අතර රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පොහොට්ටුවේ ආශිර්වාදය නොලැබෙන තත්ත්වයක් මතුව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පවසනවා.

මේ අතර වර්තමාන ජනාධිපතිවරයාට පක්ෂය සහය නොදැක්වීමක කටයුතු කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා සාර්තක අපේක්ෂකයන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ සිටින බව රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පවසනවා.

WhatsApp Group

Skip to content