ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකානු සංචාරයක් සදහා අද අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබෙනවා.

කියුබාවේ හවානා නුවර ලබන 15 සහ 16 යන දෙදින තුළ පැවැත්වෙන ජී 77 රාජ්‍ය නායක සමුළුවට ජනාධිපතිවරයා මුළින්ම සහභාගී වීමට නියමිතයි .

අනතුරුව ලබන 19 වැනිදා සිට ලබන 21 වැනිදා දක්වා ඇමෙරිකාවේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන වාර්ෂික සැසි වාරයේ රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබෙනවා.

ජනාධිපතිවරයාගේ මෙම සංචාරය සදහා දූත පිරිසක් ද එක් වී සිටි අතර , ඔවුන් අද දින අලුයම 03.15 ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව යාමටයි කටයුතු කළේ.

අනතුරුව ඩුබායි සිට ජනාධිපතිවරයා ඇතුළු දූත පිරිස ඇමෙරිකාව බලා වෙනත් ගුවන් යානයකින් පිටත්ව යාමට නියමිතයි.

WhatsApp Group

Skip to content