ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පස්වරු 5.00 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි සඳහන් වන්නේ.

එහිදී අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු පිළිබඳව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් රැසක් කරුණු ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි වාර්තා වනවා.

මේ අතර පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම අනිද්දා දක්වා කල් දමා තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ අනිද්දා පෙරවරු 9.30ට කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඒම රැස්වීම පැවැත්වීමට නියමිත බවයි.

WhatsApp Group

Skip to content