ශ්‍රි ලංකාවේ වතිකාන තානාපති අති උතුම් බ්‍රයන් උඩෙයිග්වේ හිමිපාණන් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

ඒ අනුව, නව ජනාධිපතිවරයාට සිය සුභපැතුම් එක්කල වතිකාන තනාපතිවරයා, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ සුභපැතුම් ද ජනාධිපතිවරයා වෙත එක්කළා.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ද වතිකාන තානාපතිවරයා මෙහිදී කණගාටුව පළ කර තිබෙනවා.

ඒ පිළිබද විනිවිදභාවයෙන් සහ විශ්වාසනීයත්වයෙන් යුතුව පරීක්ෂණ පැවැත්වීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මුලපිරීමද මෙහිදී වතිකාන තානාපතිවරයා පැසසුමට ලක් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

එමෙන්ම වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වලට යුක්තිය හා සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන උත්සහයට වතිකානයේ පූර්ණ සහය ලබාදෙන බවට ද ශ්‍රි ලංකාවේ වතිකාන තානාපතිවරයා සහතික වී තිබෙනවා.

WhatsApp Group

Skip to content