ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක රජය විසින් ජනතාව වෙත සහනාධාර ලබාදීම පිළිගත නොහැකි බව පැෆ්රල් සංවිධානය පවසනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුම්වත් කිරීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඡන්ද ලබාගැනීමේ අරමුණින් ජනතාවට මෙම සහන ලබාදී නොමැති බවයි.

ජනතාවගේ ආර්ථික ගැටලු විසඳීමට සහනාධාර ලබාදීමට අවශ්‍යව තිබුණේ නම් එම කටයුතු ජනාධිපතිවරණයෙන් පසු සිදු කිරීමට හැකි බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවා.

WhatsApp Group

Skip to content