ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීමට කිසිදු ඉඩක් නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශවය විසින් බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර අවස්ථා කිහිපයකදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණා.

ඒ අනුව ඊයේ දිනයේදී ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබෙනවා.

මෙහිදි ඉදිරි මැතිවරණ පිළිබදව සාකච්ඡා කළ බවයි ජනාධිපති කාර්යාලය ප්‍රකාශකයෙකු වී නිව්ස් වෙත ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content