ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට දින සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියා.

එම සර්ව පාක්ෂික සමුළුවේදී ජාතික සංහිදියා වැඩසටහන සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමට නියමිතව ඇති බව ද සඳහන්.

අදාළ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබදව හෙට දිනයේදී තීරණය කරන බවයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/07/THISSA-EDIT-02-.mp3?_=1

මේ අතර ජනාධිපතිවරයා විසින් කැඳවා ඇති සමුළුවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගි නොවන බවටයි සුනිල් හදුන්නෙත්ති මහතා පැවසුවේ.

 

WhatsApp Group

Skip to content