ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සර්ව පාක්ෂික සමුළුවක් පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, අද පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම සර්ව පාර්ශ්වික සමුළුව පැවැත්වෙන බවයි.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

මෙම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුඵවට සමගි ජනබලවේගය සහභාගි වීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/07/SAJITH-EDIT-5.mp3?_=1

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමු`ඵවට සහභාගි වන බව එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සදහන් කළා.

ඔහු මේ බව පැවසුවේ මාධ්‍ය හමුවකදියි.

https://www.vnews.lk/storage/2023/07/DAYASIRI-JAYASEKARA-EDIT-3.mp3?_=2

මේ අතර ජාතික ජන බලවේගය අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුඵවට සහභාගි නොවන බව ඊයේ වී එෆ්.එම් නාලිකාවේ විකාශය වන සිද්ධමුල්ල වැඩසටහනට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/07/VIJITHA-EDIT.mp3?_=3

මේ අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට මෙතෙක් මෙම සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වන ලෙසෙ මෙතෙක් දැනුම් දී නොමැති බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමානික්කම් මහතා සදහන් කළා.

කෙසේ වෙතත් දෙමළ ජාතික සන්ධානයේ ඇතැම් මන්ත්‍රීවරුන් මෙම සමුළුවට සහභාගී වන බවයි වාර්තා වන්නේ.

මේ අතර ජාතික නිදහස් පෙරමුණ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රමුක මන්ත්‍රී කණ්ඩායම මෙම සර්වපාක්ෂික සමුළුවට සහභාගී වන බවත්, එහිදී යෝජනාවලියක් ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සදහන් කළා.

 

WhatsApp Group

Skip to content