ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා නිවස විනාශ කර භාණ්ඩ සොරාගත් බව කියන විශ්‍රාමික යුධ හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනුයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර දකුණ හීනටියන්ගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content