ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් සිටි වකවානුවේ ඔහුගේ කොල්ලූපිටිය පෞද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් නවුත්තුඩුව කිරන්තිඩිය ප්‍රදේශයේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදී ගුරුවරයකු බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

අරගල සමයේ දී පිරිසක් විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ කොල්ලූපිටියේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට පහරදී ගිනි තබා අලාභ හානි සිදුකර තිබුනා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය මගින් විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියට අදාළව වරින් වර සැකකරුවන් 25 ට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන. අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා .

 

WhatsApp Group

Skip to content