ශ්‍රී ලංකාව තුළ සංහිදියාව ඇති කිරීමේ කාර්යභාරය මීළඟ පරම්පරාවට උරුම නොකර එය වර්තමානයේදීම විසඳීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පවසනවා.

සංහිදියා ක්‍රියාවලිය ආශ්‍රිත ගැටලු විසදා ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බවත් එම ප්‍රයත්නය සාර්ථක කරගතහොත් රටක් ලෙස වසරක් පාසා ජිනීවා විත්ති කූඩුවට නැගීමට අවශ්‍ය නොවන බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ සත්‍ය සහ ප්‍රතිසන්ධාන යාන්ත්‍රණයක් පිළිබද සිවිල් සමාජය දැනුවත් කිරීමේ සාකච්ඡාවකට එක්වෙමින්.

https://www.vnews.lk/storage/2023/07/SAMAN-EKANAYAKA-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content