සංවර්ධන කටයුතු සදහා රජය ලබා දෙන මුදල් නිසි වෙල වැය කරමින් එහි ප්‍රතිලාභ ජනතාවටත් රටටත් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

සෑම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයකම නවීන කෘසි ආර්ථිකයන් ඇති කිරිමට කටයුතු කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේ.

දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් සමග කොළඹ පදනම් ආයතනයේ පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රම බලකාය තුළ කාන්තා නියෝජනය ඉහළ නැංවීමට සැලසුම් කර ඇති බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content