විප්ලවයකින් තොරව, අධිකරණයේ සිර වී නොසිට සුදු ජාතිකයන් ඉඩම් අත්පත් කර ගත් නීතියෙන්ම රටේ ජනතාවට සින්නක්කර ඉඩම් අයිතිය ලබා දීමට රජය පියවර ගෙන තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (26) පුදුකුඩියිරිප්පු මධ්‍ය මහා විද්‍යාලයේ පැවති “උරුමය” ඉඩම් ඔප්පු ලබාදීමේ වව්නියා දිස්ත්‍රික් වැඩසටහනට එක්වෙමිනි.

වව්නියාව රෝහල ප්‍රධාන රෝහලක් ලෙස සංවර්ධනය කරන බවත්, වව්නියාව විශ්වවිද්‍යාලයට නව වෛද්‍ය පීඨයක් ලබා දීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහි දී පැවසීය.

වව්නියාව දිස්ත්‍රික්කය තුළ උරුමය වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අමතරව නැවත පදිංචි කළ පිරිසට ද කඩිනමින් ඉඩම් ඔප්පු ලබා දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5ක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ලබාදීම මෙහි දී සිදු කෙරුණු අතර “උරුමය” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කය සඳහා සින්නක්කර ඔප්පු 1,376ක් ලබා දීමට නියමිතය.

WhatsApp Group

Skip to content