ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් අද පැවැත්වෙනවා.

පස්වරු 5 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන බව සදහන්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුඵ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල නායකයින්ට ද ඒ සදහා ආරාධනා කර තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ කැඳවා තිබූ සාකච්ඡාවක් සදහා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් සහභාගි වී තිබුණේ නැහැ.

WhatsApp Group

Skip to content