චීනය සහ ඉන්දියාව මෙන්ම කලාපීය සහ ගෝලීය සබඳතා පුළුල් කර ගැනීම ජනධිපතිවරයාගේ අරමුණ වී ඇති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා පවසනවා.

නිදහස් ශ්‍රී ලංකාවේ හොදම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සදහන් කළේ.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා මේ බව ප්‍රකාශ කළා.

ලෝකයේ සියලු රටවල් සමග සමීපව කටයුතු කරමින් ජනාධිපතිවරයා ගෙනයන නොබැදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදී රටවල් කිහිපයක නිල සංචාරයේ යෙදීමට නියමිතව තිබෙනවා.

 

WhatsApp Group

Skip to content