ජනතාව පීඩාවට පත්කරන ඇතැම් රාජ්‍ය නිලධාරීන් පිළිබද තීන්දු තීරණ ගතයුතු බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් පසුගියදා පැවති ආණ්ඩු පක්ෂ හමුවේදී ද අවධානය යොමු කෙරෙනු බවයි පියල් නිශාන්ත මහතා සදහන් කළේ.

රට ඉදිරියට ගෙනයාමට නම් දේශපාලනඥයින් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද එක්ව කටයුතු කළ යුතු බවයි රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/PIYAL-NISHANTHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content