මහනුවර අපජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව අපහසුතාවයට පත් නොකරන ලෙස මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යු ගමගේ මහතා පවසා සිටියා.

මහනුවර අප ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ජනතාව පීඩාවට පත්කරමින් ඉකුත් දා මහජනතාවට විධිමත් අයුරින් සන්නිවේදනය නොකර මහනුවර සංඝරාජ මාවත වසා දැමීම සම්බන්ධයෙන් මෙහිදි සිය අප්‍රසාදය පළ කළ ආණ්ඩුකාරවරයා වගකීමක් සහිතව ව්‍යාපෘතියේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙස ද මෙහිදී දැනුම් දීම සිදුවිය.

පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොලල මහනුවර අප ජල ව්‍යාපෘතියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩබ්ගඑන්ග මතීන් යන මහත්ම මහත්මීන් ද මෙම අවස්ථාවට එක් විය.

WhatsApp Group

Skip to content