විවිද ත්‍යාග ලබා දෙන බව පවසමින් හුවමාරු වන ව්‍යාජ පණිවුඩ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම සංගමය පවසන්නේ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් මෙම වංචනික ක්‍රියාව සිදුවන බවයි.
මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනැම අවස්ථාවක තම සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයන්ට ලබා ගත හැකි බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පෙන්වා දෙන්නේ, .

එසේම එවැනි ව්‍යාජ පණිවුඩ හරහා අනිෂ්ඨ මුද්‍රකාංග සිය ජංගම දුරකතනයට ස්ථාපනය වීමක් සිදුවිය හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසනවා.
මීට අදාළව ලැබී ඇති පැමිණිලිවල ද ඉහළ යාමක් සිදුව ඇති බැවින් එවැනි පණිවුඩ විවෘත කිරිමට යාමෙන් වළකින ලෙසයි එම සංගමය ජනතාවට දැනුම් දෙන්නේ.

WhatsApp Group

Skip to content