මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කල ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කලේ , කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරු විසින් ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කර කප්පම් ගැනීමට උත්සාහ දරා ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content