බන්ධනාගාර තුනක ජංගම අධිකරණ ශාලා විවෘත කර තිබෙනවා.

මාර්ගගත ක්‍රමය ඔස්සේ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීම සදහා එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබද කාර්යාලයේ මුල්‍යමය දායකත්වය යටතේයි මෙම ජංගම අධිකරණ පද්ධතිය සකස් කර ඇත්තේ.

අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ ඉදිකෙරුණු එම අංශය විවෘත කිරීම ඊයේ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා.

එමෙන්ම මාතර සහ ගාල්ල බන්ධනාගාර තුළ ද ජංගම අධිකරණ ශාලා විවෘත කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content