ජංගම දුරකතන පාසල්වලින් ඉවත් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ වාර්තාව නිර්දේශ කර තිබෙනවා.

දරුවන් ස්මාට් දුරකතනවල තිරය දෙස දිගු වේලාවක් බලා සිටීමෙන් ඔවුන්ගේ චිත්තවේගීය ස්ථාවරභාවය බිඳවැටීම ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනිමිනුයි එක්සත් ජාතීන්ගේ අධ්‍යාපන විද්‍යා හා සංස්කෘතික සංවිධානය විසින් මෙම නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ.

යුනෙස්කෝව පෙන්වා දෙන්නේ වැඩිපුර වේලාවක් ජංගම දුරකතනය දෙස බලා සිටීම හේතුකොට ගෙන දරුවන්ගේ මානසික යහපැවැත්මට අහිතකර බලපෑමක් සිදුවන බවයි.

සෑම විට ම අලුත් දේ හොඳම දේ නොවන බවත්, ප්‍රතිපත්ති සම්පාදකයන් වැඩිදුර නොසිතා “ඩිජිටල් තාක්ෂණය” අධ්‍යාපනයට යොදාගැනීම පිළිබඳ සිය විරෝධය පළකරන බවයි එම සංවිධානය පවසා සිටින්නේ.

කොවිඩ් සමය තුළ ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඉගැන්වීම් සිදු කිරීම වාසි සහගත වුවද දරුවා සහ ගුරුවරයා අතර පන්ති කාමරය තුළ සිදුවන ඉගැන්වීම් ක්‍රමවේදයෙන් ගොඩනැගෙන සමීප සම්බන්ධතාවය සිසුවෙකුට ඉතා වැදගත් වන බවයි යුනෙස්කෝව සඳහන් කරන්නේ.

 

 

WhatsApp Group

Skip to content