ඡන්ද මධ්‍යස්ථානයක් සකස් කිරීමට අවශ්‍ය සේවකයින් සහ පහසුකම් සපයාගැනීම සම්බන්ධව ගැටලුවක් මතු වී ඇති බව සමස්ත ලංකා නිදහස් ග්‍රාම සේවා නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් එම්. කේ. ජී. ජගත් චන්ද්‍රලාල් මහතා සඳහන් කලේ මීට පෙර පැවති ඡන්ද විමසීමට වඩා මෙවර එක් සේවකයෙක්ට ලබාදිය යුතු දෛනික දීමනාව තුන්ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.

එබැවින් ඡන්ද මධ්‍යස්ථානයක් සකස්කිරීමට අවශ්‍ය පරිදි ප්‍රමාණවත් දීමනාවක් ග්‍රාම නිලධාරීන්ට ලබා දීමට කටයුතු කිරීම අවශ්‍ය බවයි ඒ මහතා පවසන්නේ.

WhatsApp Group

Skip to content