ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන අද දිනයේ දිවයිනම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ අද සහ හෙට දිනය තුළ මෙම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි.

ඒ සදහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ කැරලි මර්දන ඒකකයේ සහය ද ලබා ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා සදහන් කළේ.

WhatsApp Group

Skip to content