ඡන්ද පෙට්ටි මාරු කිරීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයින් ප්‍රකාශ නිකුත් කළත් එවැනි කිසිදු අක්‍රමිතාවයක් සිදු නොවන බව මැතිවරණ කොමිසම අවධාරණය කරනවා.

මින් පෙර පැවති මැතිවරණවලදී මෙන්ම මෙවරද ඡන්ද පෙට්ටිය විනිවිද පෙනෙන බෑගයක දමා අගුලු දමා රැගෙන එන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

එමෙන්ම ඡන්ද විමසීමෙන් පසු ඡන්ද පෙට්ටි මුද්‍රා තැබීමේදී අහඹු ලෙස තෝරාගත් ඡන්ද මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් අත්සන් කළ පිටපත් හයකින් යුතු ආකෘතියක, මුල් පිටපත ඡන්ද පෙට්ටියේ අලවනු ලබන අතර එහි එක් පිටපතක් ගණන් කිරීමේ ශාලාව වෙත සහ අනෙකුත් පිටපත් එම අවස්ථාවේදීම ඡන්දපොල නියෝජිතයින් වෙත නිකුත් කරනු ඇති.

ඊට අමතරව ඡන්දපොළේ සිට ගණන් කිරීමේ මධ්‍යස්ථානය ආසන්නයේ වූ අවසන් පොලිස් මුරපොළ දක්වා ඡන්ද පෙට්ටි රැගෙන එන වාහනය පසුපසින් අපේක්ෂකයින්ගේ නියෝජිතයින්ට ද පැමිණීම සදහා ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවයි මැතිවරණ කොමිසම සඳහන් කළේ.

WhatsApp Group

Skip to content