කැඩී බිඳී ගොස් තිබූ දැවමය ඡන්ද පෙට්ටි දහසකට වැඩි ප්‍රමාණයක් අලුත්වැඩියාව සඳහා රජයේ කර්මාන්ත ශාලාවට භාර දී තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කර ඇති හෙයින් ඡන්ද පෙට්ටි සියල්ල කල් තියා සූදානම් කර තැබීමට මැතිවරණ කොමිසම තීරණය කල බවයි එහි ප්‍රකාශකයකු සඳහන් කළේ.

ඇතැම් ඡන්ද පෙට්ටි දැඩි ලෙස අබලන්ව ඇති අතර පෙට්ටි බොහොමයක අගුල්වල ගැටළු පැවතී බවයි එම ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර මැතිවරණයේදී ඡන්දදායකයන්ගේ ඇගිලි පාට කිරීම සඳහා යොදා ගන්නා තීන්ත සහ අනෙකුත් ද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා ආරම්භවී ඇති බව සඳහන්.

WhatsApp Group

Skip to content