පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය මූලික කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව රජයේ මුද්‍රණාලය පවසනවා.

මුද්‍රනයට අදාළව සිදුකරනු ලබන පරීක්ෂා කිරීම් ඇතුළු මූලික කටයුතු කඩිනමින් අවසන් කිරීමට අපේක්ෂා කරන බවයි රජයේ මුද්‍රණාලයාධිපතිනී ගංගානී ලියනගේ මහත්මිය පැවසුවේ.

මේ දිනවල අක්ෂර දෝෂ සහ ඡන්ද පත්‍රිකාවල නිවැරදි කිරීම් ඇතුළු සියලු දේ නැවත පරීක්ෂා කර එහි නිරවද්‍යතාව මැතිවරණ කොමිසමෙන් යළි විමසා බලා මුද්‍රනයට අදාළව සිදුකරනු ලබන කාර්යයන් සිදු කරන බවයි ලියනගේ මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ.

එම පරීක්ෂා කිරීම් අවසන් වූ පසුව අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමේ කටයුතු ලබන සතියේදී සිදු කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content