විපක්ෂය විසින් තමා වෙත එල්ල කර ඇති ලිංගික අල්ලස් චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන බව කෝප් කමිටුවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාර මහතා පවසනවා.

තමන් පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවක එවැනි චෝදනාවක් එල්ල කිරීමෙන් තමාගේ මන්ත්‍රී වරප්‍රසාද බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) අදහස් දක්වමින් කියා සිටියා.

මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් කථානායකවරයා වෙත තමා ලිඛිත දැනුම්දීමක් සිදුකර ඇති බවයි.
එසේම අදාළ චෝදනාව සම්බන්ධයෙන් වරප්‍රසාද කමිටුව හමුවේ විභාගයක් සිදු කරන ලෙසටද කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බවයි මන්ත්‍රීවරයා අදහස් දක්වමින් කියා සිටියේ.

කිසියම් ලෙසකින් තමා එම චෝදනාවට වරදකරු වුවහොත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙන බවද, චෝදනාව එල්ල කළ මන්ත්‍රීවරයා වරදකරු වුවහොත් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීම වෙනුවෙන් දණ්ඩනයට ලක්විය යුතු බව ද මහචාර්ය රංජිත් බණ්ඩාර මහතා කියා සිටියා.

WhatsApp Group

Skip to content