චීන නිල සංචාරය නිමකර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යළි දිවයිනට පැමිණ තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ඊයේ රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් යළි දිවයිනට පැමිණි බවයි.

ජනාධිපතිවරයාගේ මෙම නිල සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඇතුළු පාර්ශව කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වුණා.

මෙහිදී චීන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සදහා කිසිදු දේශපාලන අරමුණකින් තොරව ශ්‍රී ලංකාවට සහය දෙන බවයි.

මේ අතර යෝජිත දේශගුණික විපර්යාස පිළිබද ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය සදහා අධ්‍යයන හා තාක්ෂණ අංශ ඔස්සේ සහය ලබා දීමට චීන ආයතන රැසක් කැමැත්ත පළකර තිබුණා.

ඒ අදාළ ආයතන ප්‍රධානින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුවයි.

WhatsApp Group

Skip to content