නීති විරෝධි දුම්වැටි ප්‍රවාහනය කරමින් සිටි චීන ජාතිකයෙකු කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පැවසුවේ සැකකාර චීන ජාතිකයා සතුව නීති විරෝධිව මෙරටට ගෙන්වූ දුම්වැටි හයදහස් පන්සියකට ආසන්න ප්‍රමාණයක් තිබූ බවයි.

ඔහු අද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර වැලිගම ප්‍රදේශයේ හෝටලයකට ඇතුළු වී මුදල් සහ භාණ්ඩ සොරාගත් රුසියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් තිස් දෙහැවිරිදි රුසියානු ජාතිකයා හෝටලයේ දොර කඩා ඇතුළු වී රුපියල් 48,500 ක මුදලක් හා ලක්ෂ තුනක් වටිනා දේපළ සොරකම් කර ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content