චීනය එරට ආරක්ෂක අමාත්‍ය ලී ෂැන්ෆු එම ධුරයෙන් නෙරපීමට කටයුතු කර තිබෙනවා.

ඔහු ආරක්ෂක අමාත්‍ය ධුරයෙන් සහ මාණ්ඩලික තනතුරෙන් ද ඉවත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එමෙන්ම ඔහු ධුරයෙන් නෙරපා හැරීමේ නියෝගයට එරට ජනාධිපති ෂී ජිං පිං අත්සන් කළ බවද සදහන්.

කිසිදු නිල පැහැදිලි කිරීමකින් තොරව මෙම ඉවත් කිරීම සිදු කර ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

WhatsApp Group

Skip to content