චීනය තුළ හඳුනා නොගත් නව නිව්මෝනියා රෝගී තත්ත්වයක් ව්‍යාප්ත වෙමින් පවතීන බවට විදෙස් මාධ්‍ය පවසනවා .

එරට නගර රැසක ළමා රෝහල් මෙම රෝගයෙන් පෙළෙන දරුවන්ගෙන් පිරීගොස් ඇති බවයි එම වාර්තාවල සඳහන් වන්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට දැනුම් දී ඇත්තේ මෙම රෝගී තත්ත්වය පිළිබඳ සියලු තොරතුරු තමන් වෙත ලබාදෙන ලෙසයි.

උතුරු චීනයේ ළමුන් අතර මෙම නිව්මෝනියා රෝග වසංගත තත්ත්වය ව්‍යාප්ත වෙමින් පවතින බවත් චීන බලධාරීන් එය වසන් කරමින් සිටින බවත් තායිවාන මාධ්‍යය වාර්තා කර තිබුණා.

WhatsApp Group

Skip to content