චීනය තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය සම්බන්ධයෙන් මාසික දත්ත ලේඛණ නිකු‍ත් කිරීම අත්හිටුවීම සම්බන්ධයෙන් දේශීව වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද දැඩි කතාබහක් පවතී.
විදෙස් මාධ්‍ය පැවසුවේ රැකියා වියුක්තිය ඉහළ යාම චීනයට දැඩි ගැටළුවක් වී ඇති බවයි.
එ අනුව අගෝස්තු මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි තරුණ ප්‍රජාවගේ රැකියා වියුක්තිය පිළිබඳ දත්ත මුදා නොහරින බව චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යංශය නිවේදනය කළා.
ජුනි මාසයේ දත්තවලට අනුව චීනයේ තරුණ ප්‍රජාව අතර රැකියා වියුක්ති අනුපාතය සියයට 21.3 ක්.

චීන මාධ්‍ය වාර්තා කරන පරිදි එරට වයස අවුරුදු 16 ත් 24 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තවමත් අධ්‍යාපනය හදාරන සිසුන් මිලියන 65 ක් වනවා.

එම සංඛ්‍යාව රැකියා වියුක්තිකයින්ගේ ලැයිස්තුවට එක් කර ඇති ද යන්න ගැටළු සහගත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

WhatsApp Group

Skip to content