පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී එන්නතක් විස වීමෙන් මිය ගිය චමෝදි සංදීපනි නමැති 21 හැවිරිදි තරුණියගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයට පංච පුද්ගල කමිටුවක් පත් කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සදහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් එම කණ්ඩායම හෙට දිනයේදී පේරාදෙණිය රෝහලට ගොස් විමර්ශන සිදු කරන බවයි.

කෙසේ වෙතත් මූලික පරීක්ෂණවලදී අදාළ තරුණියට ලබා දුන් එන්නත මරණයට හේතු වී නොමැති බව හෙළිව ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ. ඔහු සදහන් කළේ විද්‍යාත්මක පරීක්ෂණයක් මගින් එය සැක හැර තහවුරු කර ගැනීමට මෙම පරීක්ෂණ කමිටුවට හැකි බවයි.

 

WhatsApp Group

Skip to content