වේග පන්දු යවන ක්‍රිඩක දුෂ්මන්ත චමීර එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයට කැදවා තිබෙනවා.

පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක්වු ළහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව ආදේශ කළ බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළා.

ඊට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ අනුමැතිය ද හිමිව තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දෙන මීළග තරගය හෙට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිතයි.

බොහෝ දුරට දුෂ්මන්ත චමීර හෙට තරගයට ක්‍රිඩා කරනු ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content