ගැටමාන්න දකුණ කඳුගොඩ ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ දෙදෙනකුට තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.සිංගප්පුලි මහතා විසින් අද මරණ දඬුවම නියම කර තිබෙනවා.

මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේ ගැටමාන්න, කඳුගොඩ ඉහළවත්තේ පදිංචිව සිටින 55 හැවිරිදි සහ 38 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකුටයි.
අදාළ පුද්ගලයින් විසින් 2004 වසරේ ඔක්තෝම්බර් 31 වැනිදා බෙලිඅත්ත, ගැටමාන්න දකුණ, කඳුගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඒ අනුව බෙලිඅත්ත පොලිසිය විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කර නඩු පවරා තිබිණා .
. එම නඩුව අද කැඳවූ අවස්ථාවේ නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් වරදකරුවන් වූ දෙදෙනාට මරණීය දණ්ඩනය නියම කෙරුනා.

WhatsApp Group

Skip to content